ඉන්ධන මිලට සමගාමීව පාසල් වෑන් ගාස්තු ඉහළට


පාසල් ප‍්‍රවාහන සේවා ගාස්තු සියයට 05කින් වැඩි කිරීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප‍්‍රවාහනය කිරීමේ
සංගමය තීරණය

කර තිබෙනවා.
ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි එහි සභාපති මල්ශ‍්‍රී ද සිල්වා පැවසුවේ.
මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට පාර්ශ්ව කිහිපයක් අද පස්වරුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.
බස් හිමියන්, කුළීරථ හිමිකරුවන් සහ රියදුරන්, යතුරුපැදිකරුවන්, කර්මාන්තකරුවන් සහ ආපනශාලා හිමියන් ඊට ඇතුළත්.
Previous Post Next Post