Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ළැඹෙන ශ්‍රී ලංකා - එගලන්ත ක්‍රිකට් තරගාවලියට අදාළ රූපවාහිනි විකාශන අයිතිය 'සෝනි ඉන්ටනැෂනල් ආයතනයට' විකිණීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වංචාකාරී ලෙස විදෙස් බැංකුවක තැන්පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියකු ගත්
උත්සාහයක් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණිලි කර ඇති බවට වාර්තා වේ.
දැනගන්නට ඇති පරිදි මෙසේ වංචා සහගත ලෙස වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ කර ඇති ඉහත සඳහන් මුදල් ප්‍රමාණය ක්‍රිකට්  තරග විකාශන අයිතිය වෙනුවෙන් "සෝනි" ආයතනය විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත මුදලේ වටිනාකමින් සියයට පනහකි.

කෙසේ වෙතත් ඩොලර් මිලියන 5.5ක ( ලංකා මුදලින් රුපියල් කෝටි 89ක් පමණ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැරවිය යුතු මුදල, වෙනත් විදෙස් බැංකුවක පවත්වාගෙන යන

පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සාහය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාට දැනගන්නට ලැබී ඇත.  ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය භාරව සිටින ක්‍රිකට් නිසි බලධාරී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාට මෙන්ම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධව වහාම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කරන ලෙස අමාත්‍ය මුස්තාපා විසින් ප්‍රධාන විධායක සිල්වා මහතාට නියෝග කර ඇත.  ඒ අනුව ක්‍රියාත්මක වූ සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (10දා) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව විමර්ශන කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

මේ අතර මෙවන් විශාල මුදල් වංචාවක් සම්බන්ධව පරීක්ෂණ සිදුකරන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන, මුදල් කොට්ඨාසයට මුද්‍රා තබා ඇති බවද වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෂ්ලී ද සිල්වා මහතාගෙන් ඊයේ සවස විමසූ විට ඔහු කියා සිටියේ ඒ ආකාරයෙන් මුදල් කොට්ඨාසයට මුද්‍රා තබා නොමැති බවත් මුදල් අංශයේ

කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවය. කෙසේ වුවද එම මුල්‍ය වංචාව කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ආයතන නිලධාරියා සේවය කරන ස්ථානයේ කාර්යාලය පමණක් මුද්‍රා තබා ඇති බව කී සිල්වා මහතා,

'මම මේ තොරතුරු දැනගත් වහාම මා ක්‍රීඩා අමාතයංශය දැනුවත් කළා. ඒ අනුව ක්‍රීඩා ඇමැතිතුමාගේ උපදෙස් මත මම එෆ්.සී. අයි.ඩී. එකට පැමිණිල්ලක් කළා. ඒ අනුව දැන් පරීක්ෂණ පැවැත්වෙනවා. එක්කෙනෙක් දෙනෙක් කරපු වරදට මෙහි සේවය කරන සියල්ලම වැරැදිකරුවන් නොවෙයි. අදාළ සිද්ධිය ගැන අපිත් විමර්ශනයක් කරනවා. ඒ සඳහා අයේෂ් වීරක්කොඩි සහ කනිෂ්ක දෙදෙනා පත්කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ වාර්තාව අනුව අපි කළමනාකරණ කමිටුව රැස්වෙලා තීරණයක් ගන්නවා. මට මේ සිද්ධියට සම්බන්ධ චෝදනා ලද මුදල් කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු ඊයේ සේවයට පැමිණ නැහැ. ඔහු තමයි අපේ රූපවාහිනිය තරග විකාශන අයිතීන් සම්බන්ධව ලැබෙන මුදල් මෙහෙයුම් කටයුතු කළේ ඔහු මේ බරපතළ වැරැද්ද කළ බවට අපිට ඇති තරම් තොරතුරු තිබෙනවා. ඒ නිසා මෙහි නියම වැරැදිකරුවන් සොයාගැනීම අපහසු වන එකක් නැහැ" යනුවෙන්ද ඔහු පැවසීය.

-සිරිනාම රාජපක්ෂ-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement