Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මෙරට විවිධ පුද්ගලයන්ගේ දුරකථන ඇමතුම්වලට සවන්දීම සඳහා ආණ්ඩුව අධිතාක්ෂණික උපකරණයක් විදේශයකින් ගෙන්වා නුගේගොඩ ප්‍රදේශයේ නිවෙසක ස්ථානගත කර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටත්තේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අනාවරණය කරයි. ආරක්ෂක අංශ විසින් සන්නිවේදන කටයුතු සඳහා යොදාගනු ලබන “නෙක්” නමැති එම අධිතාක්ෂණික උපකරණය යොදාගනිමින් දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ දුරකථන සංවාදවලට අනවසරයෙන් සවන්දීමට ආණ්ඩුව

මේ වන විට කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවැසුවේය.

 ආරක්ෂක අංශවල සන්නිවේදන උපකරණ දියුණු කිරීම සඳහා ලබාගත් මූල්‍ය ප්‍රතිපාදනවලින් මෙම නවීන තාක්ෂණික උපකරණය ස්ථානයෙන් මෙරටට ගෙන්වා තිබෙන බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.මේ පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියා සිටියේය. "මේ උපකරණය හරහා මාධ්‍යවේදීන් බහුතරයකගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ දුරකථන ඇමැතුම්වලට පමණක් නොවෙයි. "මවිබිම", "ලංකාදීප", "රිවිර", "දිවයින" හා "ලක්බිම" යන පුවත්පත්වල කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගේ හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙනවා.

 "එපමණක් නොවෙයි, ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ දුරකථන ඇමැතුම් පවා ටැප් කරනවා. ඇමැති රවුෆ් හකීම් මහතාගේ දුරකථන ඇමතුම්වලට සවන් දෙන්න කියලා එම ඒකකයට නියෝග කර තිබෙනවා. මෙය නුදුරේදීම විනිසුරුවරුන්ටත් බලපාවි. මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළවූ ප්‍රධාන පුවත ප්‍රචාරය නොකරන ලෙස රූපවාහිනි නාළිකාවලට ඉහළින් නියෝග ලැබී තිබෙනවා. මෙවැනි දේවල් හරහා මාධ්‍ය මර්දනය කරන යුගයකටයි රට නැවත ගෙනයන්න හදන්නේ. මේ තත්ත්වය රටේ දේශපාලන සෞඛ්‍යට ඉතාම අහිතකර ලෙස බලපාන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-ඉෂාරා සිල්වා-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement