Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ප්‍රසිද්ධ හෝටල් වල පැවැත්වෙන මංගල උත්සව සඳහා ආරාධිතයකු ලෙස ඇතුළු වී එහි සිටින කාන්තාවන් රවටා ඔවුන් සතු බෑග් හා ජංගම දුරකථන සොරා ගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය සඳහන් කරයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජබුන්ගල ප්‍රදේශයේ දෙදරු පියෙකි.

වරකාපොළ අඹේපුස්‌ස ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පැවැති මංගල උත්සවයකට සහභාගි වී සිටියදී තමන් සතුව තිබූ මුදල් පසුම්බි සහිත අත්බෑගය හා ජංගම දුරකථනය කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ඇති බවට

කාන්තාවන් දෙදෙනකු වරකාපොළ පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණ.

අනතුරුව හෝටලය වෙත ගිය පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් හෝටලයේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරා වලින් ලබාගත් වීඩියෝ දර්ශන ඔස්‌සේ කරන ලද විමර්ශන කටයුතු වලින් අනතුරුව සැකකරු කෑගල්ල රංවල පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පුද්ගලයා ගෙවී ගිය මාස කිහිපය තුළ කෑගල්ල, මාවනැල්ල, වරකාපොළ, අලව්ව, ගලිගමුව ආදී ප්‍රදේශ රැසක මෙවැනි සොරකම් කිහිපයක්‌ම සිදුකර ඇති බව වරකාපොළ පොලිසිය විසින් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ එම නිවසේ සඟවා තිබූ ජංගම දුරකථන පහක්‌ මුදල් පසුම්බි කිහිපයක්‌ හා සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් කෑගල්ල නගරයේ වෙළෙඳ සල් කිහිපයකට උකස්‌ කර තිබූ තවත් ජංගම දුරකථන කිහිපයක්‌ද සොයාගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වරකාපොළ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement