Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ගල්කිස්ස නගරයේ රාජ්‍ය බැංකුවකට පසුගිය 1දා ගනුදෙනුකරුවකු ලෙස පැමිණි පුද්ගලයකු රුපියල් පහළොස් දහසක මුදලක් කොල්ලකා පලායමින් සිටියදී ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ඒ මොහොතේන්ම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සැකකරු පැමිණි මෝටර් රථයද මීටර් පන්සියයක් පමණ දුරින් නවතා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

කොල්ලය කිරීමට මඳ

වේලාවකට පෙර මෙම පුද්ගලයා බැංකුව තුළට පැමිණ ගනුදෙනුකරුවකු ලෙස මුදල් අයකැමි වෙත ගොස් රුපියල් දහසක් මාරු කරගෙන ගොස් ඇතැයි සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අනතුරුව මඳ වේලාවකින් නැවැත බැංකුව තුළට පැමිණ ඇති මෙම සැකකරු යාබද මුදල් අයකැමිවරු අසලට ගොස් එකවරම කවුන්ටරයට නැඟ මුදල් ලාච්චුවට අත දමා මුදල් පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ අතට රුපියල් පහළොස් දහසක් පමණ හසුවී ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයා කවුන්ටරයට නැගීමත් සමඟ බිය වු මුදල් අයකැමිය පසෙකට වී ඇතැයිද පොලිසිය කියයි. මෙම සිද්ධිය දුටු බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවකු සැකකරු පසුපස හඹාගොස් ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ඔහු අල්ලා පොලිසියට භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක රත්මලාන පදිංචිකරුවකු වන අතර ඔහු හෙරොයින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවද පොලිසිය කියයි.

-එම්.සී.පෙරේරා-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement