Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ඕස්ට්‍රේලියාවේ ටවුන්විල් නමැති නගරය ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් ලෙසට පවත්වාගෙන යාමට එරට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. වසර 2014දී එම පර්යේෂකයන් පිණිස විසින් ඊඩ්ස් ඊජිප්ටයි නමැති
ඩෙංගු වයිරසය පතුරුවන මදුරුවා මර්දනය කිරීම සඳහා වොල්බැකියා නමැති බැක්ටීරියාව සහිත මදුරුවන්  බෝකර ව්‍යාප්ත කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් විනාශ වී ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇත.

පරික්‍ෂණයට සහභාගි වූ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ

පර්යේෂකයන් පිරිස පවසනුයේ ඩෙංගු මදුරුවන් සඳහා මෙම ක්‍රමය සාර්ථක වීමෙන් අනතුරුව මෙම ක්‍රමය සීකා සහ මැලේරියා පතුරුවන මදුරුවන් මර්දනය සඳහා යොදා  ගන්නා බවයි.  මෙම ක්‍රමය ඕස්ට්රේලියාවේ තවත් නගර කිහිපයක ක්‍රියාත්මක කර ඇති බව එම ප්‍රදේශයන්හි සිදුකරන පර්යේෂණයන්ට අනුව ඒවායෙහිද ඩෙංගු මදුරුවන් නොමැති බව අනාවරණය කර ගෙන ඇතැයිද පර්යේෂකයන් පෙන්වා දෙයි.

මෙම ක්‍රමය පිළිබඳ පර්යේෂණ වර්තමානය වන විට ලෝකයේ රාජ්‍ය කිහිපයක ක්‍රියාත්මක කර ඇති බවද එය සාර්ථක වී ඇතැයිද පර්යේෂකයන් පවසා ඇත.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement