Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

පොළොන්නරුව හතරේ ඇළ ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් එළීමට බැකෝ  යන්ත්‍රයක් උපයෝගී කොටගෙන කාණු කපමින් සිටියදී ඉපැරණි සඳකඩ පහණක කොටස් හමුවී ඇතැයි පුරාවිද්‍යා නිලධාරිහු පවසති. මෙසේ හමුවූ සඳකඩ පහණක  කොටසෙහි විශේෂත්වයක් තිබෙන අතර එහි ඉපැරණි පූර්ව බ්‍රාහ්මී
අක්ෂර සහිත ලේඛනයක්ද දැකිය හැකිය. මෙම පූර්ව බ්‍රාහ්මී අක්ෂර අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් වන බවට සැක කරන  පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ  මෙහි අනෙක් සඳකඩ පහන් සේ සත්ත්ව රූප පෙන්නුම් නොකරන බවයි.

මෙම සඳකඩ පහණ මතුව ඇත්තේ

පොළොන්නරුව කදුරුවෙල හතරේ ඇළ පාරේ අංක 160 හි පදිංචි මහේෂ්  කුමාරසිරි මහතාගේ ගෙවත්තේය. "ජල සම්පාදන මණ්ඩලයේ බට ලයින් එකක් එළන්න කාණු කැපුවා. බැකෝ එකේ වැඩ කරන ළමයා කිව්වා ගල් පතුරක් මතුවෙනවා කියලා. ඊට පස්සේ  මම ළඟට ගිහින් බලනකොට ඒක සඳකඩ පහණක් වගේ. වහාම පොලීසියටයි, පුරාවිද්‍යාවටයි දැනුම් දුන්නා. ඒ අය කියන්නේ ලංකාවේ පළමු වරට බ්‍රාහ්මී අක්ෂර තියෙන සඳකඩ පහණක් හමු වුණේ කියලා. මේකේ සත්ව රූපත් නෑ. හැබැයි වෙන කැටයම් වගයක් තියෙනවා. අඩි 5ක් විතර හාරද්දි තමයි මතු වුණේ"  හෙතෙම කියයි.

අඩි 5ක් පමණ දිග, අඩි 3 ක් පමණ පළලින් යුත් මෙම අපූරු සඳකඩ පහණ දුටුගැමුණු කතා පුවතට සම්බන්ධ විජිතපුර බලකොටුව යැයි පුරා විද්‍යාඥයන් හඳුනා ගත් පොළොන්නරුව ගොවිපළ සමීපයේ පිහිටීමද විශේෂිතය. කෙසේ වෙතත් මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතාගෙන් අප විමසීමක් කළෙමු.

"පොළොන්නරුව කදුරුවෙල හතර ඇළ මාර්ගයේ එම ප්‍රදේශයට පානීය ජලය සැපයීමට එළන ජල නළ පද්ධතියක් සඳහා බැකෝ යන්ත්‍රයකින් කාණුවක් කපමින් සිටින විට සඳකඩ පහණක් මතු වූ බවට පුරාවිද්‍යා නිලධාරීන් මට වාර්තා කළා. මේ පිළිබඳව විශේෂඥයන්ගෙන් විමසා  ඔවුන්ගේ අධීක්ෂණයකින් පසු
තමයි යම් කරුණක් පැවසිය හැකිවන්නේ.

-ප්‍රියන්ත බණ්ඩාර-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement