Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඳුරාන ප්‍රදේශයේදී මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියකට පාඩම් ඉගැන්වීමට පැමිණි 14 හැවිරිදි සිය දියණියට පිරිමි ළමයකු සමඟ දුරකථනයෙන් කතා කිරීමට ඉඩක්
ලබාදීමේ සිද්ධියක් නිසා කෝපයට පත් පියා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියගේ පියාට පොරවෙන් පහරදීම හේතුවෙන් 5දා මියගොස් ඇති බව රුවන්වැල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉඳුරානය  ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා හා

පොරෝ පහර එල්ල කළ පුද්ගලයා ඥාති සොහොයුරන් වන අතර මියගිය පුද්ගලයාගේ දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම නිසා පාඩම් ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇත. මෙසේ පැමිණි අවස්ථාවේ  ඇය පිරිමි දරුවකු සමඟ  දුරකථනයෙන් කතා කරන්නට අවස්ථාවක් ලබාදෙන බවට තොරතුරු පියාට ලැබීම නිසා මේ පිළිබඳව ශිෂත්ව විභාගයට පෙනී සිටි දැරියගේ පියාගෙන් කරුණු විමසීමට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පොරව පහර එල්ල කර ඇත.

පසුව පොරව පහර එල්ල කළ පුද්ගලයාට බරපතළ තුවාල ලබා සිටි මරණකරු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.  පොරව පහර එල්ල කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත. මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ තැත්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් හා මරණ පරීක්‍ෂණයක් කරවනැල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබඳව රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

-අරනදර දිසානායක-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement