Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියාවේ නිවසක් ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලයන් තුළ ගෙන ගිය ප්‍රචාරය
සම්පුර්ණයෙන්ම අසත්‍ය ගොතන ලද බොරුවක් බව යුක්තියට හඬක් සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. එම මාධ්‍ය හමුවේදී අදාළ නිවස හා එහි සැබෑ අයිතිකරුගේ නම වසා මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහිත දැන්වීමක් අලවා තිබෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කළේය.


"අපි යුක්තියට හඬක් සංවිධානය දේශපාලන පක්ෂ බේදයෙන් තොරව එකිනෙකා පිළිබඳෙ මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය කරන බොරු චෝදනාවල සත්‍ය හෙළිදරව් කරන්න පෙනී සිටිනවා. අද මම ආරම්භයක් විදිහට තමයි මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ගවේෂණාත්මකව තොරතුරු හෙළි කරන්නේ . මේ විදියටම අනුර කුමාර  දිසානායක මහතාට විදේශයන්හි ඇති දේපොළ පිළිබඳවත් වත්මන් ජනපතිට ඇතැයි කියන දේපොළ  සම්බන්ධවත් ඉදිරියේදී සත්‍ය අසත්‍ය හෙළි කරනවා.

අනුර කුමාර මන්ත්‍රීවරයාට වුවත් අසත්‍ය චෝදනා එල්ල කිරීමෙන් අගතියක් සිද්ධ වෙනවා. ඒ නිසා කාට කාටත් ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත ගවේෂණාත්මකව සොයා බලා මාධ්‍යයට හෙළි කරනවා. මහ බැංකු බැඳුම්කර නඩුවේ  ප්‍රධාන චුදිතයා වූ අර්ජුන ඇලෝසියස් සම්බන්ධයෙන් වත්මන් රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග හා අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ කොහේද ඉන්නේ මොනවද කරන්නේ කියන තොරතුරු ගවේෂණය කරලා රටට හෙළි කරනවා.

අපේ යුක්තියට හඩක් සංවිධානයට මේ වන විට ජාත්‍යන්තර වශයෙන් සාමාජිකයන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටින බවද මෙම මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක රෝහන් වැලිවිට මහතා කීවේය.

-ජයසුරිය උඩුකුඹුර-










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement