අනුන්ගේ නිවසක හෙළුවෙන් නිදාසිටි තරුණයා මව හා දරුවන් බය කරලා


නිවසකට අයුතු ලෙස ඇතුළු වී බීමත්ව රහසඟ එළියට දමාගෙන නිදා සිටි 26 හැවිරිදි තරුණයකු ගල්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මේ මස 17 වැනිදා දක්‌වා
රිමාන්ඩ් කර තබන ලෙස

ගල්ගමුව මහෙස්‌ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කළේය.

පැමිණිලිකාරිය ඇගේ දරුවන් සමඟ ගමේ විහාරස්‌ථානයේ පැවැති සල්පිල් භාණ්‌ඩ වෙන්දේසියකට සහභාගි වී පාන්දර එකයි තිහට පමණ ආපසු නිවසට පැමිණෙද්දී සැකකරු එම නිවසේ මුළුතැන්ගෙයි සිමෙන්ති බදාමයෙන් තැනූ පිලක්‌ මත බීමතින් නිදාගෙන සිට ඇති බව කියයි.

ඔහු යටට ඇඳි කලිසම පහළට දමාගෙන රහස්‌ ප්‍රදේශය එළියට දමාගෙන සිට ඇති බවත් අධිකරණයට කරුණු දන්වමින් පොලිසිය කීය. මෙම දර්ශනයෙන් පැමිණිලිකාරියත් දරුවනුත් බියට පත්ව තිබේ.
Previous Post Next Post