
තම ක්‍රියාව සම්බන්ධයෙන් කළකිරීමෙන් කල්ගත කර තිබෙන අතර නිලධාරීන්ට නොපෙනෙන්නට සිය අත්දිග කමිසයෙන් එල්ලී ගෙල වැළලාගෙන මියගොස් ඇත..
මෙසේ මියගොස් ඇත්පනේ මැදගෙදර තිවංක මධුශාන් ලක්ෂින නමැති 23 හැවිරිදි තරුණයෙකි. ප්‍රදේශයේ නිවාස බිඳ
මේ දෙදෙනා ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාල් රංජිත් ප්‍රේමරත්න මහතා වෙත ඉදිරිපත් කළ පසු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබිණි.ඒ අනුව මෙම මව හා පුතු ගම්පොළ අධිකරණය අසල බන්ධනාගාර සිර මැදිරියේ කාමර දෙකක රඳවා තබා ඇත්තේ මහනුවර පල්ලෙකැලේ සිර මැදිරිය වෙත රැගෙන යනතුරුය.ෙමෙම තරුණයා සිටි මැදිරිය තුළ තවත් සැකකරුවන්ට දෙදෙනෙකුද සිට ඇති අතර එම සිර මැදිරියට ඉදිරිපස ඇති සිර කුටියේ මව රඳවා සිට ඇත.
මොහු සිර මැදිරිය තුළ සිටියදී ඇඳ සිටි කමිසය ගලවා සිර මැදිරියේ කඩ දොර සවි වී ඇති ස්ථානයට (සරනේරුව) ගරටයකත් දමා එල්ලී ඇත්තේ අනෙක් සිරකරුවන් දෙදෙනා නින්දට ගිය අවස්ථාවක ආරක්ෂාවට සිටි ඛන්ධනාගාර නියාමකවරයා හා නියාමකවරියගේ අවධානය නොමැති වෙලාවකය.
තමා මව සමග හසුවීම ගැන ඔහු බලවත් කලකිරීමකින් පසුවූ බව මැදිරියේ සිටි අය සාක්ෂි සපයා ඇත.
මොහුගේ සිරුර ගම්පොළ රෝහලට රැගෙන යනවිටත් මියගොස් තිබුණි.
මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පොළ අටබාගේ දඩයම ප්‍රදේශයේ වෙළඳසලක් සහිත නිවසක් බිඳ මුදල් රුපියල් පනස් දහසක් සමග රන් භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙනි.
එම ප්‍රදේශයේ ම පාසල් ගුරුවරියකගේ රන් භාණ්ඩ සොරකමක් හා තවත් නිවසක් බිදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබිණි. එම මුදල්වලින් රුපියල් පනස් දහසක් වැය කර හෙරොයින් පානය කර ඉතිරි මුදලින් ත්‍රිරෝද රථයක් මිලදී ගත් බව ඔහු පොලිසියට හසුවූ පසුව පාපොච්චාරණය කර තිබුණි. තමන් සොරකම් කරන රන්භාණ්ඩ මුදල් කර දෙන්නේ මව බවද ඔහු පවසා තිබුණ අතර ඒ හේතුව නිසා මවද අත්අඩංගුවට පත්ව තිබුණි.
ඔහුගේ හෙරොයින් ඇබ්බැහිය නවතා ගන්නට නොහැකි නිසාත් මුදල් අවශ්‍යවූ නිසාත් ස්වර්ණාභරණ උකස් කර මුදල් ලබාදෙන්නට තමා ඉදිරිපත්වූ බව මව පවසා තිබුණි.
මියගිය අයගේ මළ සිරුර ඔහුගේ පියාට භාරදී තිබෙන අතර මව තවමත් බන්ධනාගාරයේ පසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
Tags:
Trending