පුලියන්කුලමේදී කන්ටේනරයේ ගැටුණු වෑන් රථය කුඩේකුඩු-එක් අයෙක් මරුට


 යාපනය - මහනුවර ඒ - 9 මාර්ගයේ වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී ඊයේ 11 දා උදැසන සිදු වූ රිය අනතුරකින් එක්‌ අයකු මියගොස්‌ පස්‌ දෙනකු බරපතළ තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට
තිබේ.

වෑන් රථයට දැඩි හානි සිදුව ඇත.

 මෙම තුවාලකරුවන්ගෙන් එක්‌ අයකු මාරාන්තික තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහලේ වෛද්‍යවරු කියා සිටිති.

 කිළිනොච්චියේ සිට වවුනියාවට පැමිණි වෑන් රථයක්‌ හා කන්ටේනර් රථයක්‌ මුහුණට මුහුණ ගැටීම නිසා මෙම අනතුර සිදු වී ඇත. වෑන් රථයට දැඩි හානි සිදුව තිබිණි. වවුනියාව පොලිසිය හා පුලියන්කුලම පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි
Previous Post Next Post