විවාහ නොවුණ නම් මම මීට වඩා ජනප්‍රියයි - අෂිකා මතසිංහ


ටෙලි නාට්‍ය නිළියක මියුසික් වීඩියෝ හා වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස ප්‍රකට අෂිකා මතසිංහ සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින්
මෙසේ පවසා ඇත.

‘ජීවිතේ හොඳින් සතුටින් ගෙවෙනවා. ලොකු බලාපොරොත්තු අරමුනු මට නෑ. ලොකු ගෙවල් යාන වාහන මම පතන්නෙ නෑ. ඒ හැමදේම සාමාන්‍ය විදිහට මට තියෙනවා. ඕනැවට වඩා ලොකු දේවල් බලාපොරොත්තු වුනොත් තමා ජීවිතේ වරදින්නේ.
මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. දුවයි පුතාලා දෙන්නයි. මගේ සැමියා සුරේන්ද්‍ර මුණසිංහ ඔහු ගුවන් හමුදාවෙ සේවය කරන්නෙ. ඔහු ගොඩක් කාර්ය බහුලයි.
විවාහ නොවී හිටියනම් මට මීට වඩා ජනප්‍රියත්වයක් ලබන්න ඉඩ තිබුනා.නමුත් ඒ දේවල් ගැන කියන්න බෑ.මේ තමයි මගේ දෛවය.මොනව කළත් වෙන්න තියන දේ වෙනවා.‘




Previous Post Next Post