ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ගායක චෙස්ටර් සියදිවි නසා ගනී

ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ගායක චෙස්ටර් බෙනින්ටන් සියදිවි නසා ගනී
ලෝක ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ නියාමක ගායකයා ලෙස
කටයුතු කළ
චෙස්ටර් බෙනින්ටන් අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ලොස්ඇන්ජලිස්හි පිහිටි සිය නිවසේදී ඔහු සියදිවි නසා ගන්නට ඇති බවට සැක කරන බව ය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

90 දශකයේ ආරම්භ වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ගීත ඇල්බම මිලියන 70ක් පමණ ලොව පුරා අලෙවි වී ඇති අතර ඔවුන් ග්‍රැමී ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.
Previous Post Next Post