
ඒවා නම් ඇත්තටම මිනිස්‌සු තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්න කරන මහපහත් වැඩ විදිහටයි මම දකින්නේ. එතැන එකක්‌වත් සත්‍ය තොරතුරක් නැහැ. මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිස්‌සුන්ගේ කුතුහලය ඇවිස්‌සීමනේ කරන්න හදන්නේ. වෙබ්සයිඩ් තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්න තමයි ඔය සේරම කරන්නේ. ඒවා ඉතිං මට නවත්වන්න පුළුවන්දෙයක් නෙමෙයි. ඒවායේ ඇත්ත නැත්ත දන්න මිනිස්‌සු දන්නවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔය කිසිදෙයකට සම්බන්ධවෙලා නැහැ. කිසිමදෙයක් දන්නෙත් නැහැ. ඒ ගැන මම කිසිම දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ.
මේ ප්‍රශ්න හින්දා ඔබ සැලෙනවාද?
අපේ රටේ මිනිස්‌සු පුරුදුවෙලා ඉන්නේ කාගේ හෝ චරිතයක් ඝාතනය කරලා තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්න. ඒකනම් ඒ ගොල්ලන්ගේ පරමාර්ථය ඒ අනුව ඔවුන් වැඩකරනවා.
නීත්‍යානුකූලව කටයුතු කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?
අපේ රටේ ජනාධිපති තමයි මුලින්ම
මේ වගේ දේවල් කරන්නේ ඔබේ ඉදිරි ගමන වළක්‌වන්නද?
ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ ගැන මම දන්නේ නැහැ. මගේ ජීවිතයේ මම තරහකාරයෝ ඇතිකරගත්තු කෙනෙක් නෙමෙයි. ඉතිං මොකක් හෝ නිසා මගේ නම ඈඳලා කතා කරනවා නම් මට ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ සිතුවිලි ගැන කියන්න දන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ කියලා.
අන්තර්ජාලයේ මොන මඩගැසීම් සිදුකළත් ඔබේ හඬට කාටවත් ගහන්න බැහැ. ඒකනේ ඇත්ත?
හඬට ගහන්න කෙසේ වෙතත් අපි කලාව හරහා ජීවිතයේ ගොඩනගාගත් දේවල් තියෙනවා.
ඒ කියන්නේ වීදුරුගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියන එකද?
සියලුදෙනාම වීදුරු ගෙවල්වල ඉඳලා තමයි ගල්ගහන්නේ. මම නිරෝෂා විරාජනී වෙච්ච නිසා තළුමර මර සමහරු ඒක රසවිඳිනවා.
ඔබේ හඬට ආදරය කරන මිනිස්‌සු පිරිසක් මේ රටේ ඉන්නවා නේද?
ඒක මම උප්පත්තියෙන් ගෙනආපු දෙයක්. ඒවා කාලයත් එක්‌ක වැඩිදියුණුකරගත්තා. ක්‍ෂේත්‍රයේ දී මගේ ජීවිතයේ ඇතිවුණ ස්‌ථාවරය කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැහැ කියලා මට හිතෙනවා.
දිනේෂ් විතාන (Divaina-Meewitha)
Tags:
Celebrity