හැම කපල් එකක්ම ගැළපෙන්නෙ නැහැ -සචින්තනී කෞශල්‍යා

gossiplanka image 1
 


රංගන ශිල්පිනියක්, නීතිඥවරියක්, ගුරුවරියක් සහ ව්‍යාපාරිකාවක් යන සියලු‍ම වෘත්තීන් සමඟ තම රංගන හැකියාව ඉදිරියට ගෙනයන ඇය නව පරපුරට ආදර්ශයක්. මේ සියල්ලත් සමඟ කාර්යබහුල වෙලා ඉන්න ඇය අලුත් වැඩ කිහිපයකටම සම්බන්ධ වෙමින් සිටින බවයි ආරංචිය. කියා දෙන්න ආදරේ තරම්, හිරිපොද වැස්ස, මා, 24 Love Story වැනි ටෙලිනාට්‍යය රැසකින් ඔබේ ආලින්දයට පැමිණි ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් සුන්දර සචින්තනී කෞශල්‍යාට අපි ඇරයුම් කළා ‘හාට්’ අපිත් එක්ක සුන්දර කතාබහකට…Sri Lanka Latest News


මේ දවස්වල පුංචි තිරයෙන් සචින්තනීව වැඩිය දකින්න නැත්තේ ඇයි?

දැනට නම් විකාශය වන නාට්‍ය නැහැ ඇත්තටම. විකාශය වීමට නියමිත නාට්‍ය කීපයකම රූගත කිරීම් මේ දිනවල සිදු කරනවා. අරුණ ජයවර්ධන මහතාගේ සහ සුමිත් මාලිංග මහතාගේ නවතම නිර්මාණය වන ‘රෝස වෙඩිල්ල’, ඊට අමතරව අකිල සපුමල් අයියගෙ වැඩක් කරලා තියෙනවා ‘රූ රැසේ’ කියලා. ‘ගාඩියන්’ කියලා සම්පත් අයියගේ නිර්මාණයකුත් ඉදිරියේදී එන්න තියෙනවා. AI නිර්මාණයකුත් කළා. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් චරිත. හැමදාම දකින අර පෙම්වතියගේ චරිතයට සීමා නොවුණු විවිධාකාර චරිතවලින් පිරිච්ච අලු‍ත් නිර්මාණවලින් පිරුණු වැඩ ටිකක් තමයි ඉස්සරහට එන්න තියෙන්නේ.

වෙනස්ම විදියේ අලුත් වැඩක් කළා කියලා ආරංචියි.

ඔව්. ඒක ‘ටෝයි’ කියලා වෙබ් සීරියස් එකක්. සාරංග අයියා, අනුරාදා අක්කා වගේ ජනප්‍රිය නිළියන් රැසක් එක්ක තමයි ඒ වැඩේ කළේ. ජෝ දිසානායක අයියගෙ වැඩක් ඒක. ලස්සන වැඩක්.

‘‍දිගැසි’‍ කියන්නේ සචින්තනීගේ රංගන දිවියේ පෙරළිකාරම හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත්?

අනිවාර්යයෙන්ම ඔව්. ඊට කලින් ටෙලි නාට්‍ය කිහිපයක රඟපාලා තිබුණා. හැබැයි ප්‍රේක්ෂකයින් මාව හඳුනා ගන්නේ, නොහිතපු තරම් ආදරේ ලැබෙන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයත් එක්ක. මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් ඒක. සචින්තනී කියන කෙනාව දිගැසි විදිහට චරිතයක නමින් මිනිස්සුන්ට මාව මතක හිටින කෙනෙක් බවට පත්වෙන්නේ මේ හරහා.



‘හිරිපොද වැස්ස’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ ඇයි?

ඒක ඇත්තටම ප්‍රඩක්ෂන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මිසක් කාගෙන්වත් ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මගේ වෘත්තීමය පැත්තෙන් නිකමට හිතෙනවා චරිතය ලියවෙන විදිහත් එක්ක ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මගේ පැත්තෙන් පෞද්ගලිකව කටයුතුවලට විවේචනත් එක්ක මට හිතුණා නුසුදුසුයි කියන එක. අමතරව යම් යම් ප්‍රඩක්ෂන් ගැටලු‍ව එක තමයි ඉතින් නිර්මාණයෙන් ඉවත් වුණේ. ඒ හැරුණම මඟින් දාල යෑමක් එහෙම නෙමෙයි. චරිතවලින් ගොඩක් අය මගදී දාලා ගියාම හිතනවා අපි තමා අසාධාරණය කරලා තියෙන්නේ කියලා. දෙපැත්තක් තියනවා හැම වැඩකම. රංගන ශිල්පිනියක් විදිහට අපිට කරන්න පුළුවන් සහ කරන්න බැරි දේවල් කියලා කොටස් දෙකක් තියෙනවනේ. දෙපැත්තක් තියනවා හැම වැඩකම. සහ අනිත් දේවල් බැහැර කරන්න අපිටත් වගකීමක් තියෙනවා. ඒ අනුව තමයි ඒකෙන් ඉවත් වුණේ.

සචින්තනී ඔබ දැන් පෙම්වතියක්ද? ඒ ගැන ටිකක් කියමු නේද?

පෙම්වතියක් නෙමෙයි. සම්බන්ධකමක් තිබුණා. නමුත් දැන් තනිකඩව ඉන්නවා.

ඒ ආදර කතාව මැදින් නතර වෙන්න බලපාපු ඇත්තම හේතුව මොකක්ද?

ඒක නොගැළපීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. අපිට පුද්ගලයෙක් එක්ක ගමනක් ඉස්සරහට යන්න බැරිනම් කතාබහකින් අයින් වෙන එක තමා හොඳ.

තනිකඩව ඉන්න ද බලාපොරොත්තුව?

නැහැ. තනිකඩයි කියන්නේ තාම තනිකඩයි. ඒකෙන් කියවෙන්නේ නැහැ මම කවදාවත් විවාහ වෙන්නේ නෑ කියන එක. විවාහය කියන එකට ගොඩක් කැමති පුද්ගලයෙක් මම. ඒකෙන් කියවෙන්නේ නෑ මම එයා නිසා තනිකඩව ඉන්නවා කියලා. මගේ ජීවිතේට ගැළපෙන සහකරුවෙක් ලැබුණු දවසට මම විවාහ වෙයි.

යෂ් සහ සචින්තනී අතර සම්බන්ධයක් තිබුණා කියන කතාව ඇත්තද?

මෙහෙමයි ඉතින්, අපි රංගන ශිල්පීන් විදිහට සීන් එකට ගැළපෙන කපල් ඉන්නවා. ඒව හරි කලාතුරකින් හැදෙන්නෙ. රොෂාන් පූජා වගේ, ඕලු‍ සුරාජ් වගේ ඒ කියන්නෙ කාලෙන් කාලෙට ස්ක්‍රීන් කපල් හැදෙනව. ඒ වගේ අතිශය මිනිසුන් ආදරය කරපු කපල් එකක් තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසි සහ අනා කියන්නේ. ඉතිං ඒකත් එක්ක ගොඩක් දේවල් කියනවා. මෙහෙමයි ඉතින් කටකතා කියන එක ක්ෂේත්‍රයේ ඉන්නකොට අපිට ඒ දේවල් නවත්තන්න බැහැ. ඒවත් එක්ක අපි ස්ක්‍රීන් එකේ රඟපාන තවත් එක්කෙනෙක් දැක්කම අපිට ඒවත් කියයි. හැම ස්ක්‍රීන් කපල් එකක්ම ගැළපෙන්නෙ නැහැ. කලාතුරකින් හම්බ වෙච්ච දෙන්නෙක් තමයි දිගැසි අනා කියන්නේ. ඔහු හා මම ඉතා හොඳ යාළු‍වෝ දෙන්නෙක්. වැඩ කිහිපයක්ම අපි එකට කරල තියෙනවා. තවත් ඉස්සරහට වැඩ කරනවා. අමතර ප්‍රශ්නයක් නෑ. යාළුකමක් තමයි.

මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණේ නැද්ද?

මියුසික් වීඩියෝ මම කළා. නමුත් මෑත කාලයේ මම මියුසික් වීඩියෝ එකක් කළේ නෑ.

මෙතෙක් ආපු ගමනේදී ලොකු අභියෝගයක් කියලා හිතුණු චරිතයක් තිබුණද?

මම හිතනවා තාම මට අභියෝගාත්මක චරිතයක් හම්බවෙලා නෑ කියලා. සමහර විට මම දන්නේ නැහැ ඒක මං ගැන විශ්වාස නැතිකමකටද, මගේ පරාසය සම්බන්ධයෙන් මදිකමකටද කියලා. නමුත් අභියෝගාත්මක චරිත කියන එක මම හිතන්නේ නැහැ තාම මට කරන්න පුළුවන්කමක් ඇති කියලා. මම මේ වෙනකම් කරපු චරිත අතරින් මට එක්තරා ප්‍රධාන චරිතයක් තිබුණා. නගර සභාවේ වැඩ කරන කෙනෙක්ගෙ චරිතයක්. සම්පූර්ණයෙන්ම මට වේශ නිරූපණයේ ඉඳලම මුළු ඇඟම කළු කරල සහ එකම විදිහකට හැසිරෙන්නේ වෙනම ්ජජැබඑ එකක් තියෙන්නෙ. ඒක තමයි මට ටිකක් අභියෝගාත්මක චරිතයකට තිබුණේ.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

කලා ක්ෂේත්‍රය තුළ නම් මට එහෙම ලෝභකමක්, තණ්හාවක් නැහැ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. මොකද මම තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක් නිසා සහ ලැබෙන වැඩ අරපරිස්සමෙන් මට කරන්න පුළුවන් කියන දේ දහ පාරක් හිතල තමයි වැඩක් බාරගන්නේ. ඒ වගේම ක්ෂේත්‍රය තුළ නිර්දේශිත සම්මානයකට නිර්දේශ වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ඒවගේම අභියෝගාත්මක චරිත කරන්නත් කැමතියි. මම ආසාවෙන් ඉන්න චරිත කීපයක් තියෙනවා. මට ඒ චරිත කරන්න ලැබෙයිද නැද්ද කියල දන්නේ නෑ. නමුත් පස්සෙන් ගිහිල්ල වැඩ කරන පුද්ගලයෙක් නොවන නිසා එන චරිතවලට උපරිම සාධාරණයක් කරනවා. පුළුවන් කාලයක් පුළුවන් විදිහට ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post