උපකාරක පන්ති යන සිසුන් බියවද්දා මුදල් ගත් තරුණයෙක් අත්අඩංගුවට

උපකාරක පන්තිවලට සහභාගීවීමට කුරුණෑගල නගරයට පැමිණෙන පාසල් සිසුන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමට තැත් කළේ යැයි කියන තරුණයෙකු කුරුණෑගල වැව රවුමේදී පෙරේදා (03)දා දින අත්අඩංගුවට
ගත් බව කුරුණෑගල
කොට්ඨාස විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. සැකකරු 20 හැවිරිදි කුරුණෑගල විල්ගොඩ ලැයිමේ පදිංචිකරුවෙකි.

මොහු මීට පෙරද පාසල් සිසුන් බියගන්වා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, කුරුණෑගල වැව රවුමේ ගැවසෙමින් සිටිය සැකකරු ගැන පොලිස් නිලධාරින් විමසිල්ලෙන් සිට, උපකාරක පන්නිවලට පැමිණි පාසල් සිසුන්ගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පරීක්ෂණවලදී අනාවරණය විය.

- අතුල . බණ්ඩාරනායක

Previous Post Next Post