කැත්තක් සහ පොරවක් අතින් ගෙන නිරුවතින් යකා නැටූ යුක්රේන ජාතිකයාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කරලා

අත් පොරවක් සහ කැත්තක් අතැතිව මීගමුව සංචාරක පුරවරයේ පළඟතුරේ මුහුදු තීරයේ සංචාරකයන් බියවද්දමින් නිරුවත්ව අශෝභන ලෙස හැසිරෙමින් සිටි යුක්රේන ජාතිකයෙක්  සංචාරක පොලිසිය
පෙරේදා 19 දා
සවස අත්අඩංගුවට ගනු ලැබීය.

පොරොවකින් හා කැත්තක් සමගින් වෙරළ තීරයේදී අත්අඩංගුට ගෙන තිබෙන්නේ පොත්ක් පොලව් යට්වේන් (31) නමැති යුක්රේන ජාතිකයෙකි.

ඔහු මුළුමනින්ම නිරුවත්ව පොරොවක් හා කැත්තක් අතැතිව සිටි බැව් පොලිසිය කියයි.  පොලිසිය මෙම යුක්රේන ජාතිකයාට ඇඳුම් අන්දවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුවේ මූලස්ථාන පොලිසියට බාර දී තිබේ.
පසුව මොහු මීගමුව දිසා රෝහලට බාරදුන් අතර සැකකාර යුරේන ජාතිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝහලට යොමුකරනු ලැබිය.

මීගමුව සංචාරක පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


Previous Post Next Post