ජනපතිගේ ටෙලිෆොන් කෝල් වලට උත්තර නුදුන් ඔස්ට්‍රියා තානාපති නිලධාරීන් සියල්ල සිය රට කැඳවලා


ඔස්ට්‍රියාවේ වියනා නුවර ශ්‍රී ලංකා තානාපතිනිය හා එහි කාර්ය මණ්ඩලය යළි මේ රටට ගෙන්නුවේ අනෙක් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) කොළඹ දී
පැවැසීය.
තමාට වියානා නුවර ශ්‍රී ලංකා තානාපතිනියට කතා කිරිමට අවශ්‍ය නිසා තම කාර්ය මණ්ඩලය වියානා නුවර තානාපති කාර්යාලයට පැය හතර හමාරක් තිස්සේ උත්සාහ කළද එහි ඇති දුරකථන හයකටම උත්තර දීමට කෙනකු සිට නැති බව කී ජනාධිපතිවරයා ඒ අනුව එහි තානාපතිනියත් තානාපති කාර්යාලයේ

කම්කරුවා දක්වා සියලු දෙනාත් රටට කැඳවූ බව සඳහන් කළේය.
තානාපතිනියගේ සිට එහි කම්කරුවා දක්වා සියලු දෙනාම අද හෙටම යළි දිවයිනට පැමිණෙනු ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා තමා එසේ කළේ අනෙකුත් තානාපති කාර්යාලවලට ද පණිවිඩයක් දීමට යැයි කීවේය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17) පැවැති ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
Previous Post Next Post