වෙඩින් එකට ආ විදේශිකයින් ත්‍රීකුණාමලයේ මුහුදේ ගහගෙන යද්දී බේරගෙන
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් හය දෙනෙකු අද (23) දහවල් රළ පහරට අසු වි ගසාගෙන යද්දි එහි රාජකාරියේ නියුතු ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු තිදෙනෙකු විසින් බේරාගනු ලැබුහ බේරාගත් පිරිස අතරඉන්දිය ජාතික කාන්තාවන් පස්දෙනෙකු හා ඇමෙරිකානු ජාතික පිරිමි අයෙකු වේ.
කාන්තාවන් පස් දෙනා අතර වයස අවුරුදු පහක කුඩා දැරියක් ද වන බවද ජිවිතාරක්ෂක පොලිස් නිලධාරිහු පැවසුහ.
මෙම පිරිස ගසාගෙන යද්දි ආධාර ඉල්ලා කෑගසන හඩට
ජිවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ජිවිතාරක්ෂක ඒකකයේ කොස්තාපල්වරුන් වන (30505) මාරසිංහ, (66365) සමරසිංහ, (67459) මධුසංක, යන නිලධාරින් මෙම ජිවිත බේරාගනු ලැබුහ.
මෙම අනතුර සිදුවු ස්ථානයට ආසන්න වෙරලේ හෝටලයක සිදු වු විදේශිය යුවළකගේ විවහා මංගල්‍යයකට මෙම පිරිස පැමිණ ඇති බව වාර්තාවේ.
(අමදෝරු අමරජීව) pix courtesy by lankadeepa.lk