Breaking News

විදේශිකයින්ට වැට් ආපසු ගෙවන්න කටුනායක විශේෂ කවුළුවක්


විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීමේ විශේෂ කවුළුවක් අද (11දා) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක
ගුවන්තොටුපොළේදී විවෘත කෙරේ.

විදේශිකයන් මෙරටට පැමිණ ගත කරන කාලය තුළදී මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් අය කරන සියයට 15ක වැට් බදු ආපසු ගෙවීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය මත එම වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව විවෘත කෙරේ.
සංචාරක ප්‍රවර්ධනය සඳහා රජය ගෙන ඇති තීරණයක් අනුව මෙසේ ඔවුන්ගෙන් අය කරන වැට් බදු ආපසු ගෙවීමට පියවර ගැනේ.
-උපතිස්ස පෙරේරා-