විදුලිසර වැදුණු වඳුරාගේ ගිනිගත් සිරුර කැලයට වැටී සමනළ වැව රක්‍ෂිතයේ ගින්නක්‌


සමනළ වැව අධි රක්‍ෂිතයට ඉහළින් දිවෙන අධිබල විදුලි රැහැන්වල දැවටුණු රිළවකු ගිනි ගැනීමෙන් පසුව
සිරුර ගිනි ගුලියක්‌ සේ

කැලයට වැටීම නිසා 10 දා පස්‌වරුවේ රක්‍ෂිතයේ ගින්නක්‌ ඇතිවිය.

මෙම සිද්ධිය සමනළ වැව විදුලි බලාගාරයේ ආරක්‌ෂක නිලධාරීන් දැක ඔවුහු වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට පියවර ගත්හ.

මෙම ප්‍රදේශයේ පවතින දැඩි නියඟය නිසා ගින්න පැතිර යමින් තිබියදී බළන්ගොඩ නගර සභාවේ ගිනි නිවන රථය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජල බවුසර් යොදාගනිමින් පැය කිහිපයක්‌ ඇතුළත ගින්න නිවා දැමිමට හැකිවී ඇත.

 -එන්.එච්. පියසේන-
Previous Post Next Post