තිරිඟු පිටි මිල වැඩි කළ නිසා අද සිට පැටිස් රෝල් 5 කින් පාන් 10කින් ඉහළට

ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම විසින් පාන්පිටි කිලෝවක මිල ඉකුත් පළමුවැනිදා සිට වැඩි කිරීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි කෑම වර්ගවල මිල අද සිට ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරති.
බේකරි නිෂ්පාදන සඳහා

යොදා ගන්නා බිත්තර, මාගරින්, අල, ලූණු මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින්ද, පේස්ට්‍රි, පැටිස් , රෝල් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 1-5ත් අතර ප්‍රමාණයකින්ද අද (03දා) සිට මිල ඉහළ නංවන බව ඔවුහු පවසති.
උපතිස්ස පෙරේරා
Previous Post Next Post