Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


ද දින ඒකාබද්ධ විපක්ෂය මගින් දිවයිනේ සිව්දිගින් සිය පාක්ෂිකයින් ගෙන්වා කොළඹ පවත්වන්නට නියමිත ජනබලය විරෝධතාවයට මේ වනවිට නගරය සූදානම් වෙමින් සිටී,
උදෑසන 10 සිට පමණ වෙනදා දක්නට ලැබෙන කොළඹ අවට වාහන බෙහෙවින්ම අඩුවූ අතර සවස මාර්ග තදබදයක් ඇතිවේ යයි කල්පණා කර
බොහෝ අය සිය එදිනෙදා වැඩ කටයුතු අද දහවල් හා සවස සීමා කර ඇති බව වාර්තා විය. ඇතැම් පුද්ගලික ආයතන හා රජයේ කාර්යාල වල පැමිණීම හා සේවා සැපයීම තරමක් ව්‍යාකූල වූ අතර දහවල් 12 න් පසු වැඩ නිමවී යන පිරිස්ද වෙනදාට වඩා වැඩි බව වාර්තා විය.


“ජනබලය‌ කොළඹට“ විරෝධතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් දහවල් වන විට ඇරීඹ තිබිණි.
ආරක්ෂිත හා එලදායි විරෝධතාවක් සම්බන්ධයෙන් තමන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය සියල්ලටම සූදානම් බවත් පැවසූ නාමල් තවත් පැය කිහිපයකින් යොදාගත් පරිදිම විරෝධතාව ආරම්භ කරන බවත් දන්වා සිටියේය.

මෙම අවස්ථාවට එක්වූ මාධ්‍ය අමතා ඔහු කියා සිටියේ තමන්ගේ පිරිස් වෙත උදෑසන සිට බාධා ඇතිවූ බවයි.
උදහොලිඇලදී පහරදීමක් හා බස් රථයක් අවහිර කිරීමක් වාර්තා වූ බවත් ඇතැම් තැන්වල පාරවල් හාරා ගමන් මග අවහිරකර අනවශ්‍ය තදබදයක් නිර්මාණය කළ බවත් ඔහු චෝදනා කළේය.
අවසන් මොහොත දක්වා රහසක් වශයෙන් තබාගත් ජනබලය රැස්වීම පවත්වන ස්ථානය ලෙස 

කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්න ස්ථානය තෝරාගත් බව දහවල් 1 වනවිට වාර්තා විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

ඒ අනුව අද (05) පස්වරු 2.00 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3.00ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසා ඇත.
පොලිස් ආරංචි සඳහන් කළේ මේ වනවිට කොළඹ තත්ත්වය සාමාකාමීව පවතින බවයි.

යම් හේතුවක් මත මහා මාර්ග අවහිරතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කළේය.
මේ අතර ජනබලය විරෝධතා රැළිය හේතුවෙන් ජනාධිපති කාර්යාලය අසල මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
ජනාධිපති කාර්යාලය අසල සහ ලෝටස් මාර්ගය ආසන්නයේ පොලිස් නිලධාරින් සහ පොලිස් ජල බවුසර් යොදවා ඇති බව වාර්තා වේ. හදිසි දැනුම් දීමට නිවේදනය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රද ගෙනවිත් තිබේ.
මේ අතර විහාරමහා දේවී උද්‍යානය අසලට පොලිස් බල ඇනියක් යොදවා ඇති බවත් ටවුන්හෝල් ප්‍රදේශයේ වෙනදාට පවතින මාර්ග තදබදයක් අද දිනයේ දක්නට නොලැබෙන බවත් වාර්තා විය.
එමෙන්ම කොළඹ, මරදාන ප්‍රදේශයේද මේ වන විට සාමකාමී වතාවරණයක් පවතින අතර මරදාන දුම්රිය පොල අසලද පිරිසක් පැමිණ රැස්ව තිබෙන බවද පොලිසිය වාර්තා කර තිබේ.











Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement