
හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මෙලෙස නියම කර තිබේ.
ඥානසාර හිමිට එරෙහිව චෝදනා 4ක් ගොනු කර තිබූ අතර ඉන් එකක් වූයේ අධිකරණය මෙහෙයවූ විනිසුරුට අසැබිවදනින් අපහාස කිරීමයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව අවසන් වීමෙන් පසුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ කළහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව සඳහන් කරමින් ඥනසාර හිමියන්ට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කර තිබුණි.
මින් පෙර නඩුවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට බැණ වැදීම නිසාද හිමියන් සති දෙකක සිර දඩුවමකට යටත් විය.
වසර 19ක සිරදඬුවමක් වසර 6 ගෙවී යන ලෙස අද දඬුවම ලබාදීමට අධිකරණය නියෝග කළේය.
ගලගොඩඅත්තේ ඥනසාර හිමි අද මෙම තීන්දුව දෙන්නට දින දෙකකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර තීන්දුව ලබාදෙන අද දිනයේ උන්වහන්සේ අධිකරණයේ පෙනී සිටියේ නැත. එ් අනුව අධිකරණ තීන්දුව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දීමට ද අද නියෝග කර තිබේ.
හිමියන් අද දින අධිකරණය මගහැර රෝහල්ගතවීම පිළිබඳ පෙර ලිපිය මෙතැනින්
Tags:
Trending