Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

යේ සවස සිට දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.
ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් සහ නියාමකවරුන් අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල ප්‍රත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින්
ඊයේ (08) පස්වරු 03.00 සිට පූර්ව දැනුම් දීමකින් තොරව මෙම වර්ජනය ආරම්භ කිරීම නිසා ඊයේ සවස කාර්යාල කටයුතු නිමවී නිවෙස් බලා යන්නට සැරසුණ විශාල මගීන් පිරිසක් අපහසුතාවයට ලක්විය.
මේ නිසා ඔවුන් ආවේගාත්මක ලෙස ඊයේ හැසිරී කොළඹ කොටුව සහ මරදාන ස්ථානවල දේපල වලට අලාබ කිරීම මෙන්ම ප්‍රධානීන්ට පහරදීමට උත්සාහ කිරීමේ සිදුවීම්ද වාර්තා වූ අතර ඉන්පසු බස්රථවල ගමන්ද අවහිර කරමින් පැය දෙකකට අධික කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන විරෝධතාවයේ නිරත විය.

මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් පමණක් නොව බස් රථවලින් ගමන් ගන්නා මගීන් පවා දැඩි අපහසුතාවයන්ට පත් විය.

ගම්බිම් බලා යාමට නොහැකිව රාත‍්‍රී 10.30 පමණ වනවිටත් මගීන් කොටුව දුම්රිය ස්ථානය තුළ රැදී සිටි බවද වාර්තා විය. පැවැති කලබලකාරී තත්ත්වය සලකා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් විශේෂ කාර්යය බලකාය කැඳවීමට ද සිදු වූ අතර වර්ජනයට පෙර කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියන් කිහිපයක රියදුරන් මගීන් විසින් සිර කරගෙන සිටි සිදුවීමක්ද මේ අතර වාර්තා විය.

පසුව ඊයේ රාත‍්‍රියේ එක් දුම්රියක් පොල්ගහවෙල බලා ගමන් කරවීමට ද ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් පසු හැකියාව ලැබුණි.
විශ‍්‍රාම ගොස් සිටින දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවිමටද ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙයි.
දුම්රිය සේවක වැඩවර්ජනය නිසා ගමනාගමන අපහසුකාවයන්ට මුහුණ පා සිටින මගී ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ බස් රථ 6000ක් ධාවනයට යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.

මේ දිනවල පාසල් නිවාඩු බැවින් පාසල් සේවය සඳහා යොදා තිබූ බස් රථ 750ක් ද සාමාන්‍ය මගී ප්‍රවාහනයට යෙදවූ බවත් සියලු ම ලංගම සේවක නිවාඩු අවලංගු කොට ඇති බවත් සභාපතිවරයා සදහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ
රටක් ලෙස එකතු වී බෙදුම්වාදී ත‍්‍රස්තවාදය

පරාජය කළ ආකාරයට වෘත්තීය සමිති ත‍්‍රස්තවාදය ද පරාජය කිරීමට. කාලය එළඹ ඇති බවයි.
අමාත්‍ය සාගල රත්නායක දන්වා ඇත්තේ වෘත්තීය සමිති ත‍්‍රස්තවාදය මතවාදීව මෙන්ම ප‍්‍රායෝගික තලයේද පරාජය කළ යුතු බවයි.ෙ
දුම්රිය වෘත්තීය සමිති ඊයේ (08) පෙන්නුම් කළේ වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයක් බවත් එය තමන්ගේ වුවමනාවන් හැර අන් අයගේ සියලූ වුවමනා වැදගත් නැතැයි සිතන කුහක මානසිකත්වයක් බවත් නිවේදනයේ දැක්වේ.
වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීම වෘත්තීය සමිතියක අවසන් උපාය මාර්ගය විය යුතුයි. එය කිසි ලෙසකවත් තමන් සතු පළමු ආයුධය ලෙස භාවිත නොකළ යුතුය.
නිවෙස් බලා යන මගීන්ගේ සහ උසස් පෙළ දරු දැරියන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම කිසිඳු සදාචාරමය හෝ ආචාර්ය ධර්මික රාමුවකට අයත් නොවන බවද එහි සඳහන්ය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement