උඹ මගේ පුතාවත් මරාගත්තා කියමින් හැටපස් හැවිරිදි මාමා ලේලිගේ ගෙල සිඳ මරා දමයි

සිය නිවෙසේදීම තියුණු ආයුධයකින් ගෙල කපා මරා දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (05දා) රාත්‍රියේ පස්සර මීරියබැද්ද වැලිබිස්ස ප්‍රදේශයේ නිවෙසක තිබී
සොයාගෙන ඇතැයි පස්සර

පොලීසිය පවසයි. පස්සර මීරියබැද්ද වැලිබිස්ස පදිංචි පී.එම්.නෙලුකා ප්‍රියන්ති (40) නමැති එක්දරු මවක් මෙසේ ගෙල කපා මරා දමා ඇත.
මෙම කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයා සිය දරුවා ලැබීමට සිටියදී පවුල් ආරවුලක් හේතුවෙන්  සියදිවි නසාගෙන තිබෙන අතර ස්වාමියා මිය යැමෙන් පසු මෙම කන්තාව එම නිවසේ ජීවත්වී තිබේ.මෙසේ ජීවත් වන අතරතුර ඔවුන් පදිංචි නිවෙස සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී මාමණ්ඩිය හා මෙම කාත්තාව අතර ගැටුම් ඇති වී තිබෙයි.
පෙරේදා (05දා) රාත්‍රියේද ඇති වූ ගැටුමක් අවස්ථාවේ උඹ මගේ පුතාවත් මරාගත්තා කියමින් ගෙළ මිරිකා  මෙම ඝාතනය සිදු කර ඇතැයි පස්සර පොලිසිය සොයාගෙන ඇත.මෙම මරණය සම්බන්ධයෙන් මියගිය කන්තාවගේ මාමණ්ඩිය වන නිවෙස් හිමිකරු වන හැටපස් හැවිරිදි පුද්ගලයකු පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මේ මස 09දා  දක්වා රීමාන්ඩ් භාරයේ තබන ලෙස ඊයේ (06දා) නියෝග කොට ඇත.

-කපිල ගුණවර්ධන-
Previous Post Next Post