අකුරැස්‌ස බස් රථය තුළ කාන්තාවන්ගේ අඟපසඟ වීඩියෝ කරමින් සිටි පුද්ගලයා රිමාන්ඩ්

අකුරැස්‌ස සිට තවලම බලා ධාවනය වූ බස්‌ රථයක සිටි රූමත් කාන්තාවන් දෙදෙනකුගේ මුහුණ හා කලවා ප්‍රදේශ ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පුද්ගලයකු අල්ලා අකුරැස්‌ස පොලිසියට භාරදීමෙන් අනතුරුව
මාතර මහෙස්‌ත්‍රාත්

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
 සැකකාර තරුණයා කාන්තාවන් දෙදෙනාගේ විරෝධතාව නොතකා වීඩියෝ කිරීම නිසා ඔවුන් ඒ බැව් බස්‌ රථයේ සිටි මගීන්ට දන්වා තිබේ. ඔවුන් සැකකරු අල්ලා පහරදී ජංගම දුරකථනය සමඟ පොලිසියට භාරදී ඇත.
සැකකාර තරුණයා දෙණියාය ප්‍රදේශයේ පදිංචි අයෙකි.අකුරැස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපතිගේ උපදෙස්‌ පරිදි කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. රූපා මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

-සමන් උපුල් පිනිදිය -

Previous Post Next Post