චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ලොයිඩ් රිය අනතුරකින් මරුට



චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහාය නළුවකු ලෙස වසර ගණනාවක් ප්‍රේක්ෂකයන් පිනවූ ලොයිඩ් ස්ටේෆන් ගුණවර්ධන මහතා දෙල්ගොඩ සිදුවූ යතුරුපැදි - කැබ් රථ අනතුරකින් මිය ගොස් ඇත.

බියගම සිට වැලිවේරිය දෙසට ලොයිඩ් මහතා සිය යතුරුපැදිය ධාවනය කරමින් තිබියදී ඉදිරියෙන් පැමිණි කැබ් රථය තවත් රථයක් පසුකර යෑමට සැරසීමේදී කැබ් රථයේ ගැටී අනතුරු සිදුව ඇතැයි පොලිසිය පවසයි.
කොළොන්නාව පිරිවෙන පාරේ පදිංචි 55 හැවිරිදි ඒ මහතා තිදරු පියෙකි.

අතුරුපාර, www.com, බට්ටි ඇතුළු නාට්‍ය ගණනාවකට සිය රංගනයෙන් දායක වූ ඔහු ලංකාවට මුලින්ම රෝඩ් ෂෝ හඳුන්වා දුන් පුරෝගාමියායි.

තාත්තා අනුරාධපුරේ ෂූටින් එකකට ගිහින් තවත් ෂූටින් එකකට යන්න යනකොට තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ ලොයිඩ්ගේ පුත් කසුන් ලක්මාල් පැවසීය.

අනතුර සිදුවූ මොහොතේ ලොයිඩ් මහතාව මුලින් උඩුපිල රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථ රියැදුරු මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ - ‍දොන් විතාන ආරච්චි
Previous Post Next Post