මරදානේ වෙඩි තැබීමකින් කාන්තාවක මරුට


 අද පස්වරු 6.30ට පමණ මරදාන මාලිගාවත්ත
ජුම්මා හන්දිය ප්‍රදේශයේ

සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි.
 යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර කාන්තාව රෝහල් ගත කිරීමට ජාතික රෝහල වෙත රැගෙන යද්දී මියගොස් තිබුණි. මෙම සිද්ධියට පසුබිම්ව ඇත්තේ පාතාල සම්බන්ධයක්ද යන්න ගැන පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. පොලිසිය වාර්තා කර තිබෙන්නේ මියගිය කාන්තාව 34 වන වියේ පසුවන්නියක බවයි.
Previous Post Next Post