
එසේ පැහැරගැනීමට
ඔහු ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අතර ඊයේ(06) ආරමිභ වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ සංයුක්ත ගණීනය ප්‍රශ්න පත්‍රයට පෙනිසිටිම සඳහා නිවසේ සිට එන අතරතුරදි මෙම සිද්ධියට ලක් වූ බව පැවසේ. මුහුණ වසා තමා පැහැර ගෙන ගිය පිරිස අතරමගදී වෙනත් වාහනයකට නංවා ගත් බවද පැය කිහිපයකට පසු තමා බිම දමා ඔවුන් පලා ගිය බිවද එම ස්ථානය තංගල්ල ගොවියාපාන ප්‍රදේශය බව අසා ගෙන සිද්ධිය දෙමාපියන්ට දැනුම් දී ඔවුන් සමග පොලීසියට පැමිණි බවද එම සිසුවා පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.
මේ නිසා එම සිසුවාට උසස් පෙළ විභාගයේ පළමු දින සංයුක්ත ගණිතය විෂය ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීමට නොහැකි විය.
එම සිසුවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූවකු වන අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ
ඔහු උසස් පෙළ අධ්‍යාපනය හදාරන අතරතුර උපකාරක පන්ති ගුරුවරයකු ලෙසද කටයුතු කර තිඛෙන බව දන්වා තිබේ.
ඉකුත් අප්‍රේල් මාසයේදී කිසිවකු විසින් තමාට දුරකතනයෙන් කතා කර ටියුෂන් පන්ති නවත්වන ලෙස දැනුම් දුන් බවද තමා එය ගණන් නොගත් බිවද එම සිසුවා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.
ඔහු පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්ථානය හා ඒ අවට සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කිරිම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඒයේ (06) සවස එම ප්‍රදේශය වෙත සිසුවා ද සමග පිටත්ව ගොස් තිබුණි. සිසුවාව වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා මාතර මහ රෝහල වෙතද යොමු කර තිබේ.
සිසුවා ඉදිරි ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිටීමට සූදානමින් පසුවන අතර මාතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මොහෙයවයි.
Tags:
Trending