Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මාදුරෝ ඉලක්ක කර ගනිමින් එල්ලවූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ජනාධිපතිවරයා දිවි බේරා ගැනීමට හැකිව තිබේ. එළිමහන් හමුදා උත්සවයක් අමතමින් සිටි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල කර ඇැයි විදෙස් මාධ්‍ය දක්වයි.

වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍ය ජෝර්ජ් රොද්‍රිගස්

පැවසුවේ ජනාධිපතිවරයා උත්සවය ආමන්ත්‍රණය කරමින් සිටි ස්ථානය ආසන්නයට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන් යානයක් වැටී එය පුපුරා ගිය බවයි.
වේදිකාව මත සිටි රජයේ සහ හමුදා ප්‍රධානින් ජනපතිව වහා ආරක්‍ෂිත ස්ථානයන් කරා රැගෙන ගිය බවත් පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් තුවාල ලැබූ බවත් අමාත්‍යවරයා දන්වා ඇත.

ජනාධිපති නිකොලොස් මාදුරෝ හමුදා උත්සවය අමතමින් සිටි අවස්ථාව එරට මාධ්‍ය මගින් සජීවීව විකාශනය වෙමින් තිබියදී බොම්බය ජනපති සිටි ස්ථානය ආසන්නයට වැටී දෙදරුම් දෙන හැටිද විකාශය වී තිබුණි.















Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement