Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

අධිකරණ නියෝගයක්‌ මත පුනරුත්ථාපනයට නියමවී සිටි මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි රැඳවියකු 30 වැනිදා පස්‌වරුවේ දඹුල්ල අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය අතර මෙතෙක්‌ ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත.
 දඹුල්ල, සිසිරවත්ත

ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මොහු ඉකුත් 27 වැනිදා දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන එදිනම දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

 යළි 30 වැනිදා රැඳවියා බන්ධනාගාර නිලධාරීන් විසින් දඹුල්ල දිසා මහෙස්‌ත්‍රාත් බණ්‌ඩාර ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු තරුණයාගේ දෙමව්පියන්ගේ කැමැත්ත මත වසරක කාලයක්‌ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කඳවුරකට යොමුකරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

 අධිකරණයේ කටයුතු අවසන්ව යළි රැඳවියා පස්‌වරු 4.30 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් මහෙස්‌ත්‍රාත් නිල මැදිරිය වෙත රැගෙන යන අතරතුරදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී උසාවි භූමියට යාබදව පිහිටි සලුවපුල්ලන වැවට පැන පිහිනා පලාගොස්‌ ඇති බව පොලිසිය කියා සිටියි.

 දඹුල්ල පොලිසියේ හා බන්ධනාගාර නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම රැඳවියා සොයා මෙහෙයුමක්‌ ආරම්භ කළත් රැඳවියා පිළිබඳව තොරතුරක්‌ නොමැති බව දඹුල්ල පොලිසිය සඳහන් කරයි.

-සරත් එරමිනිගම්මන-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement