Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


නව මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් මිල රුපියලකින් වැඩි කර තිබේ.

ඒ අනුව

මෙතෙක් රුපියල් 155ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 157 දක්වා ඉහළ යන අතර 129 ක්ව පැවති සූපර් ඩීසල් වර්ගයේ ඉන්ධන අද මධ්‍යම රාත්‍රියේ සිට 130ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාසයේ ඉන්ධන මිල සුත්‍රය හඳුන්වා දෙමින් සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය වන බව රජය පැවසීය.

මැදපෙරදිග පවතින ඉන්ධන මිල ගණන් අනුව මෙම මිල සුත්‍රය ගණනය කර තිබේ.

කෙසේ වෙතත් සාමාන්‍ය ඩීසල් මිල ගණන් වෙනස් නොවෙන අතර, එය රුපියල් 118ක් වෙයි.

ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන මිලද වෙනස් වී නොමැති අතර එය රුපියල් 145 ක් වෙයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement