දිග අනුව සිගරට් මිල ඉහළට

සිගරට් සඳහා අයකරනු ලබන බද්ද පෙරේදා (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
සිගරැට්ටුවේ

දිග අනුව අදාළ බදු අය කිරීම සිදුවන බව රජය දන්වා ඇත.
මේ අනුව දිගින් මි.මී. 72 ට වැඩි එහෙත් මි.මී. 84 ට අඩු සිගරැට්ටුවක් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද  රු. 3.80 කින් වැඩි වී තිබේ.
ඒ අනුව මෙම දිග ප්‍රමාණයන්ගෙන් යුතු සිගරැට්ටුවක සිල්ලර මිල රු. 5.00 කින්  ඉහළ යනු ඇත.

එසේම මෙහිදී ෆිල්ටරය රහිත සිගරට් මිලෙහි ඉහළ යාමක් සිදුනොවන බවද වාර්තා විය.
Previous Post Next Post