
මේ ගැන අද දිනයේ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමු විය.
ඔහු 5 ශිෂ්‍යත්ව විභාගය හා සාපෙළ ඉහළින්ම සමත්වූ උපකාරක පන්ති පවත්වමින් සිටි සිසුවෙකු බවත් ඔහුගේ ඊර්ෂ්යාකාරයින්ගෙන් තර්ජන පැවති බවත් ඔහු පොලිසියට පවසා තිබීම නිසා මේ ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරන්නට පොලිසිය
කටයුතු කර තිබූ අතර ඔහු පැහැරගත්තාය කියන ස්ථානයේ සීසීටීවී පරීක්ෂාවක්ද සිදු කර තිබුණි.
එහිදී පොලිසියට අනාවරණය වී ඇත්තේ සිසුවා කියන ආකාරයේ පැහැර ගැනීමක් එම ස්ථානයේ සිදු වී නැති බවත් ඔහු ඇවිද ගෙන විත් හොඳින් පාර පැන යන බවත්ය. ඉන් පසු ස්ථාන වලදීත් ඔහු යහතින් ගමන් කරමින් බස් රථයකට නගින අයුරුද සටහන්වී තිබී ඇත.
මේ අනුව ඔහුව නැවත පොලිසිය මගින් සංකීර්ණ ප්‍රශ්න කිරීමටකට ලක් කර තිබෙන අතර සිසුවා කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බව ඔහු විසින්ම පිළිගෙන තිබේ.
තමාට විභාගයට ලියන්නට සුදුසු මානසික
තත්වයක් ආත්ම විශ්වාසයක් නොවීම මත මෙම බොරුව ගෙතූ බවද ඔහු කියා තිබේ.
සඳහා පෙනී සිටින ඔහු ගැන මව්පියන්ට අධික බලාපොරොත්තු තිබූ බවත් සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට නිසි පරිදි සූදානම් නොවූ අතරවාරයේ මව්පියන් මෙවර විභාගයෙන් තමන්ගෙන් සමස්ත ලංකා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වූ නිසා මෙවැනි බොරුවක් කරන්නට කල්පණා කළ බව ඔහු කියා ඇත.
නමුත් මෙම කාරණාව පොලිසිය දක්වා දුරගෙනියන්නට මව්පියන් උනන්දුවීම නිසා බොරුව අසුවේ යයි පසුව සිතුණ බවද ඔහු පවසා ඇත.
පොලිසියට බොරු පැමිණිලි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සිසුවාට එරෙහිව පියවරගන්නට නියමිතය.
සිද්ධියට අදාළ මුල් වාර්තාව මෙතැනින්
විභාගයට යන්න බැරිකරන්න උසස් පෙළ ගණිත සිසුවා පැහැරගෙන අතහැරදාලා
Tags:
Trending