
එසේ කළ නොහැකි බව ජයවර්ධනපුර රෝහල් වෛද්‍යවරයෙකු එක හෙළා පවසා ඇති නිසා මෙම ගැටලුව අද (09) දා දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර විසඳාලන්නට නියමිත බවත් වාර්තාවේ.
ෙගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ස්වාමීන් වහන්සේගේ වකුගඩුවේ සෙන්ටිමීටර් තුනක ගලක් තිබෙන බැවින් ලබන
නේවාසිකව ප්‍රතිකාර ලබන ස්වාමීන්වහන්සේට ජම්පරය අදින ලෙස බන්ධනාගාර නිලධාරින් ඉල්ලීමක් කළද, එය ප්‍රතිෂ්ප කර තිබෙන බවද වාර්තා වේ.
2016 ජනවාරි මස 26 වැනිදා එම සිද්ධිය වූ අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක අධිකරණයට කළ පැමිණිල්ලට අනුව චෝදනා 4 ක් හිමියන්ට එරෙහිව ගොනු විය.
1. අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණය ඇමතීම,
2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීම
3. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලබා දීමට බල කිරීම තුළින් අධිකරණයට බලපෑම් කිරීම.
4. අධිකරණ කටයුතුවලට සහාය වීම සදහා නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ (වර්තමානයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) දිලීප පීරිස් මහතාට බැණ වැදීම මගින් අධිකරණයට අපහාස කිරීම
එම චෝදනාය.
මේ සමිබන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පිටු 53කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට
ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහි නියෝගය සහ දඩුවම සම්බන්ධයෙන් අභියාවයක් කිරීමට බලාපොරොත්තු වන බවත්, එහෙයින් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන උන්වහන්සේට එහිම රැඳී සිටීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඥානසාර හිමියන් වහාම බන්ධනාගාරය භාරයට ගැනීමට කටයුතු කරන්නැයි නියම කළේය.
කෙසේ වෙතත් හිමියන් ජයවර්ධනපුර රෝහලින් බන්ධනාගාර රෝහලට මාරුකිරීමට දැන් නොහැකිව ඇත්තේ ස්වාමීන් වහන්සේගේ වකුගඩුවේ සෙන්ටිමීටර් තුනක ගලක් තිබෙන බැවින් එය ඉවත් කිරීමට 13 වනදා තෙක් සහ ඉන්පසු විවේකයෙන් සිටිය යුතු බවට වෛද්‍යවරයෙකු දක්වන විරෝධය අනුවයි. එය අද 9 දිනයේ නැවත අධිකරණය මගින් විසඳනු ඇත.
Tags:
Trending