දැරියකට අතවර කළ 76 සීයාට වසර පහක සිර දඬුවම්


අසල්වැසි නිවසක පස්‌ හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු
ලැබූ 76 හැවිරිදි

වයෝවෘද්ධ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවම් කළේය.  එම විත්තිකරුට රුපියල් 20,000 ක දඩයක්‌ ගෙවීමටද එහිදී නියෝග කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමටද නියෝග කළේය.

 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන එම විත්තිකරු 2009 ඔක්‌තෝබර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී එම දැරියව වඩාගෙන ටොෆි අරගෙන දෙන මුවාවෙන් ගෙන ගොස්‌ එකී අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලෙන් කියැවිණි.

 ඒ. ඡේ. ඒ. අබේනායක
Previous Post Next Post