තවත් ඖෂධ 25ක මිල ළඟදීම පහළට


මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක මිල අඩු කරන
බව සෞඛ්‍ය,

පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත  සේනාරත්න මහතා පැවැසීය.

ඒ අනුව ජීවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ හා උපකරණ, ඇදුම හා ශ්වසන අපහසුතා සඳහා භාවිත කරන ඖෂධ, පුරස්ථි ග්‍රන්ථ රෝග ඖෂධ,වේදනා නාශක, ස්නායුගත රෝග සහ මිල අධික පිළිකා ඖෂධ වර්ග 10 ක මිල මෙසේ අඩු කරන බව පැවැසීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ක් වැයවේ.

-තනුජා නානායක්කාර-

Previous Post Next Post