1990 සුවසැරිය ගිලන් රථයකදී සිදුවූ දරු උපතක් පිළිබඳ විස්තර මින් ඉහතත් වාර්තාවී තිබුණි. පෙරේදා 31 මාතර පිටබැද්දර ප්‍රදේශයේදීත් මෙවැනි සිදුවීමක් වාර්තා විය.
පිටබැද්දර ජම්බුගස්දොල ප්‍රදේශයේ ගැබිණි මවක ප්‍රසව වේදනාවෙන් පසුවන බවට
1990 සුවසැරිය ගිලන් රථ
සේවයට පාන්දර 3.20 ට පමණ ලැබුණ තොරතුරක් අනුව යුහුසුළුව එම නිවස වෙත ගිය ගිලන් රථ කණ්ඩායම අදාළ ගැබිණි මව කැටුව මොරවක රෝහල වෙත රැගෙන එමින් සිට තිබෙන අතර මිනිත්තු 20 කින් පමණ පාන්දර 3.40 ට පමණ දරුවා බිහිකරන අවස්ථාව ඉක්මන් වූයෙන් ගිලන් රථ කාර්ය මණ්ඩලය වාරනය අතරමග නවතා ඒ සඳහා පහසුකම් සපයන්නට කටයුතු කර තිබේ.
පසුව දරුවා හා මව මොරවක මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර දරුවා හා මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවේ. ඔවුන් සුවෙන් සිටින බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩීඩබ් කළුතොට මහතා පැවසීය.
තමාට අපහසුවූ අවස්ථාවේ සේවය සැලසූ කාර්ය මණ්ඩලයට මව ස්තූතිය පළ කර තිබේ.
මෙවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය ගැන සුවසැරිය ක්‍රියාත්මක කරන ඉන්දියානු නිලධාරීන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා ඇති බවත් ඒ නිසා කටයුතු පහසුවූ බවත් තාක්ෂණ වෙද්‍ය නිලධාරී චන්දන සමන් කුමාර පැවසීය.
වීඩියෝව පහතින්
තොරතුරු - මොරවක ප්‍රියංකර ගමගේ

Tags:
Trending