Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කිරීමේ වරදට වසර දහයක සිර දඬුවමක්‌ නියමව වරෙන්තු ලබා සිටි පුද්ගලයකු තවත් බාලවයස්‌කාර දැරියක කුලී නිවසක අඹුකමට තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි. සැකකරු නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට ඇත්තේ දැනට පාසල් වියේ පසුවන 15 හැවිරිදි සිසුවියක බවද පැවසේ‍ෙ
 මෙම පාසල් දැරිය සඟවාගෙන සිටින බවට ගල්ගමුව

පොලිසියට ලද පැමිණිල්ලකට අනුව කරන ලද වැටලීමකදී සැකකරු සහ දැරිය කොටුකර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
 ඒ අනුව කොළඹ අවට ප්‍රදේශයේ නිවසකදී සැකකරු සහ දැරිය අත්අඩංගුවට ගැනිණි.
 පසුව සැකකරු ගැන විමර්ශනය කිරීමේදී මීට වසර හයකට පෙර හෝමාගම ප්‍රදේශයේ බාලවයස්‌කාර දැරියක්‌ දූෂණය කොට පලා ගොස්‌ සැඟව සිටි පුද්ගලයකු බවට ද කරුණු අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.
 මේ පිළිබඳව මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව සැකකරුට එල්ල වී තිබූ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් වසර 10 ක සිර දඬුවමක්‌ නියමවී ඇති බවද පැවසේ. සිර දඬුවම නියම වන අවස්‌ථාව තෙක්‌ම සැකකරු නඩු විභාගයට ඉදිරිපත්ව නොමැතිවූ අතර ඔහු වරෙන්තු ලබා සිටියේය.‍ෙ
ඔහුගේ නව  බාලවයස්‌කාර දැරිය හා සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 මේ පිළිබඳ හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

-ලෙනාඩ් ජයසේකර-










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement