Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඊයේ (1 වැනිදා) උදැසන ඔංචිල්ලාවේ ලණුවට ගෙල හිරවීමෙන් මරුමුවට පත් වී තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ

ගඡේන්ද්‍රන් තුවාරකන් නමැති පාසල් ශිෂ්‍යයකු වන අතර ඔහු කිළිනොච්චිය ඉරණතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ අටවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

පාසලේ වාර විභාගය අවසන් නිසා පාසල් නොගොස්‌ මෙම ශිෂ්‍යයා නිවසේ නතර වී සිට ඇති අතර එම ශිෂ්‍යයාගේ මව ප්‍රතිකාර ලබා ගැනීමට කිළිනොච්චිය රෝහලට ගිය අවස්‌ථාවේදී නිවසේ සිට ඇත්තේ මොහු පමණි.

මෙම ශිෂ්‍යයාගේ නිවස ඉදිරිපිටින් ගිය අයෙකු ශිෂ්‍යයා ලණුවේ සිර වී සිටිනු දැක වහාම එතැනට පැමිණ ලණුව කපා ශිෂ්‍යයාව ඔංචිල්ලාවෙන් එළියට ගෙන ඇතත් ඔහුට ඒ අවස්‌ථාවේදී සිහිය නොතිබූ බව පොලිසියට පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ශිෂ්‍යයා කිළිනොච්චිය රෝහලට රැගෙන යන විටත් මියගොස්‌ සිටි අතර ශිෂ්‍යයාගේ මව තම පුතා මියගොස්‌ ඇති බව දැනගෙන ඇත්තේ රෝහලට ඔහුගේ මළ සිරුර රැගෙන එන ලද අවස්‌ථාවේදීය.

කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

-දිනසේන රතුගමගේ-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement