අමරසිරි කලංසූරිය සුවය ලබා නිවසට


පසුගිය සතියේ හදිසි අසනීප තත්වයක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහල හා නවලෝක රෝහලට ඇතුළත් කරන
ලද ප්‍රවීණ රංගවේදී

අමරසිරි කලංසූරිය මහතා රෝහල්ගතව සිදු කළ ප්‍රතිකාර වලින් අනතුරුව සුවය ලබා යළි නිවසට පිටව ගොස් ඇති බව වාර්තාවේ.
ඔහුගේ අසනීප තත්වය නිසා විවිධ ආරංචි පැතිර ගිය අතර සමාජ මාධ්‍ය තුළ ඒ ගැන විවිධ පුවත් මැවිණි.
ප්‍රතිකාර කරන ලද රෝහල් වලට හා සුවදුක් විමසීමට උනන්දුවූ සැමට කලංසූරිය මහතාගේ පවුලේ ඥාතීන් ස්තුති කර තිබේ.
Previous Post Next Post