කුවේට් යුවළගේ බල්ලා නිදහස් කරන්න පරක්කු කරාට රේගු නිලධාරින් ගුටිකා රෝහලේ

https://www.gossiplankanews.com/2018/07/custom-officers-hospitalized-dog-kuwait-sri-lanka.html
ටුනායක ගුවන් තොටුපල වෙත අද දිනයේ ගුවනින් සුනඛයෙකු සමග පැමිණි කුවේට් ජාතික යුවලක් සිය ශ්‍රී ලංකා  සංචාරය සඳහා සුනඛයාද රැගෙන ගමන් කිරීමට අපේක්ෂා කර තිබුණි.
මෙහිදී සත්ව නිරෝධායන රෙගුලාසි අනුව සුනඛයා රේගු පරීක්ෂාවට ලක්කිරීම සිදු කෙරෙන අතර එය තරමක් ප්‍රමාද වන ක්‍රියාවලියකි. තමන් පැය ගණනක් බලා සිටියත් සුනඛයා නිදහස් නොකිරීම ගැන කුවේට් ජාතික සැමියා
විටින් විට රේගු නිලධාරීන්ට

දෝෂාරෝපණය කර තිබුණ අතර පැය ගණනාවක් ගතවූ පසු ඒ සඳහා රේගු නිලධාරීන් සපයන පිළිතුරු වලින් සැහිමකට පත් නොවූ ඔහු තම අතට හසුවන හසුවන ටද්වල් වලින්දමා ගසා පහරදීමක් කර ඇත.

එම අවස්ථාවේ ගැටුම මැඩ පවත්වන්නට ආ අනෙක් නිලධාරින්ටද ඔහු පහරදී තිබෙන අතර මේ හේතුවෙන් තුවාල ලද රේගු නිලධාරීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්නට සිදුවිය. එම නිලධාරීන් මීගමුව රෝහලට ඇතුළත් කළ බව
 රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි.
කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි යුවල සිය සුනඛයා නිදහස් කිරීමට ප්‍රමාද වූ අවස්ථාවේ සුනඛයා බලෙන් රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සහ දරා තිබූ බවද වාර්තා විය.

රේගු මාධ්‍ය ප්‍රකාශක දන්වා සිටියේ සුනඛයා බලෙන් රැගෙන යාම වළක්වන්නට කටුනායක ගුවන් තොටුපළේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ඇතුළු රේගු නිලධාරින් 05 දෙනෙකු උත්සහ කළ අවස්ථාවේ මෙම පහරදීම සිදුවූ බවයි.
සිද්ධියෙන් පසු එම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
Previous Post Next Post