ලක්ෂ 50කට අගරු චෙක්පත් දුන් රූපලාවන්‍ය ශිල්පිනිය දැලේ


පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකට රුපියල් ලක්ෂ 50ක මුදලකවංචා කර අගරූ වෙක්පත් ලබාදුන් බව කියන රූපලාවණ්‍යය ශිල්පිනියක් ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන
අංශය කියයි.

පැමිණිලිකාරිය හා සැකකාරී කාලයක සිට හිතවත්කමින් සිට ඇති අතර මාස 4ක පමණ කාලයකින් නැවත දෙන පොරොන්දුව මත පැමිණිලිකාර ව්‍යාපාරිකාවගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ඉල්ලාගෙන ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

සැකකාර කාන්තාව නැවත මුදල් දීමට පොරොන්දු වූ දිනය ඉකුත් වීමත් සමඟ ඇයගෙන් එම මුදල් ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් ලබාදුන් චෙක්පත් සියල්ල අගරු චෙක්පත් බව ව්‍යාපාරීක කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන්ය. ඒ අනුව කළ විමර්ශනවලින් අනතුරුව පිළියන්දල පදිංචි 36 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

-එම්.සී.පෙරේරා-
Previous Post Next Post