Breaking News

කුළියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට යළිත් පොලිස් ඇඳිරි නීතිය .


වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය, බිංගිරිය ,දුම්මලසූරිය ,හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශ වලට නැවතත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

එම ප්‍රදේශ වල ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරිනීතිය පැනවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ .මේ අනුව අද සවස 2 සිට හෙට අලුයම 4 දක්වා ඇඳිරිනීතිය පනවන බවත් එම කාලය තුල එමප්‍රදේශ වල නීති විරෝධී කටයුතු වල නිරතවන්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව පොලිචේ මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩි දුරටත් ප්‍රකශ කර සිටියා .