Breaking News

රෙදි වෙළෙන්දෙකුගේ FB පෝස්ටුවක් නිසා හලාවතට ඇඳිරි නිතිය

ප.ව.1.15
අද 12 ඉරිදා උදෑසන හලාවත නගරයේ නොසන්සුන් වූ පිරිස විසුරුවන්න අහසට වෙඩි තැබීමට හමුදාවට සිදුවූ අතර හෙට උදෑසන දක්වා අඳිරි නීතිය පනවන්නට මේ වනවිට කටයුතු කර තිබේ.
වාර්තාවන ආකාරයට හලාවත බසාර් වීදියේ පිහිටි හස්මාර්ස් නමැති මුස්ලිම් වයාපාරික රෙදි වෙළෙඳ සැලේ හිමිකරු බව පැවසෙන හස්මාර් හමීඩ් නමැති පුද්ගලයෙකු සිය මුහුනු පොතේ තැබූ සටහනකින් “උබලට හිනා වෙලා ඉන්න පුලුවන් අද විතරයි හෙට අඩන්න වෙනවා” ලෙස දන්වා තිබේ.
එයට විශාල වශයෙන්
විරුද්ධ කොමෙන්ටු පළව ඇති බවත් අනතුරුව ඔහු ඊට දැක්වූ අයහපත් ප්‍රතිචාර නිසා කළකිරී ඇත.
මුහුණු පොතේ සටහනට පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් මෙම පිරිස හලාවත මුලස්ථාන පොලිසිය අසලට රැස්වී ඉල්ලීමටද ගොස් තිබේ. නමුත් භට පොසිය හරියාකාරව ක්‍රියා නොකරන බව දක්වමින්
 කුපිතවූ තරුණ පිරිස් එකතුවී හලාවත නගරයට පැමිණ හස්මාර් හමීඩ්ගේ කඩසාප්පුව සොයාගොස් නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බව කියැවේ. ඔහුට පහරදී ඇති බවත් ඒ සමගම අවට මුස්ලිම් වෙළෙඳ සල්වලටද තර්ජනාත්මක තත්වයක් මතුවූ බවත් වාර්තාවේ.
පිරිසක් පළවා හැරීමට අහසට වෙඩි තැබීමට යුද හමුදාවට සිදු විය.
කඩ විදියේ සියලු වෙළදසැල් වහා වසා දැමු බවත් වාර්තා විය.
තරුණයන් පිරිස සමග කතෝලික පියතුමෙකුද මෙම විරෝධයට එකතුවී තිබී ඇත.
හස්මාර්ට අයත් රෙදි කඩයට අලාභ හානි සිදුව ඇත.පොලිස් ඇදිරි නීතිය සමග නගරය ජන ශුන්‍යවී ඇත.

ප.ව.12.50
හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට (13) පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.
සිද්ධිය පිලිබඳ වැඩි තොරතුරු තවම වාර්තා නොවේ.