සැමියා දැන් මට ආදරෙ නෑ කියා ලිපියක් ලියා බිරිඳ ගෙල වැලලාගෙන

පිළියන්දල, මඩපාත ප‍්‍රදේශයේ තරුණ විවාහක කාන්තාවක් නිවසේ මුළුතැන්ගෙය තුළ ලියුමක් ලියා තබා
ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි
පිළියන්දල පොලිසිය පවසයි. පෙරේදා (28) දා සවස මෙලෙස දිවිනසාගෙන ඇත්තේ පිළියන්දල, මඩපාත, මාකන්දන පදිංචිව සිටි හේවාදුවගේ මධුෂිකා හංසනී (21) නමැති කාන්තාවකි. දිවි නසාගත් තරුණ කාන්තාව හා සැමියා අතර පවුල් ආරවුල් ඇති වී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

 සැමියා ආදරෙන් සලකන්නේ නැතැයි ලිපියේ සඳහන් වී තිබූ බව පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවාහක සැමියාගෙන් ද ප‍්‍රකාශයක් ලබාගත් බව ද පොලිසිය පවසයි. දිවිනසා ගත් කාන්තාවගේ මරණ පරීක්‍ෂණය ඊයේ (29) දා කළුබෝවිල මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ලසිත දුමින්ද



Previous Post Next Post