Breaking News

මහින්ද තව මාස කිහිපයක් ඉවසුවා නම් තුනෙන් දෙකකුත් ගන්න තිබුණා - මේව ප්ලෑන් කරල කරපු වැඩ


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයට හානි කිරිමට කිසියම් පිරිසක් සැලසුම් සහගතව කටයුතු
කළේ ද යන්න
පිළිබඳ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
බදුල්ල ප්‍රදේශයේදී පාක්ෂිකයින් හමුවේ ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ලොව ජනප්‍රියම පුද්ගලයෙකු බවයි.

තවත් මාස කිහිපයක් ඉවසීමෙන් කටයුතු කළේ නම් ඉදිරි මැතිවරණයකදී තුනෙන් දෙකක ජයක් ලැබීමට හැකියාව පැවැති බව කුමාර වෙල්ගම මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.