Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති ඒ,  ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණ නඩුව ලබන වසරේ ජනවාරි මස 22 දා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද (04)
නියෝග කළා.
මෙම නඩුව අද දින විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය මූලික විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී අධි චෝදනාවලට අදාල ඒ ඛාණ්ඩයට අයත් සියලුම ලේඛණ විත්ති පාර්ශ්වය වෙත භාර දී ඇති බවත් විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛණ ද ඉදිරියේ ලබා දීමට
කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නා.
ඒ අනුව එම ලේඛණ විත්ති පාර්ශ්වයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව ජනවාරි මස  3 වැනිදා කැඳවීමට නියමිතයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන් ද සිල්වා , භද්‍රා උදුලාවතී, කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
අධිචෝදනා පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ  සාපරාධී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා හතක් යටතේ ගොනු කර තිබෙන අතර චෝදනාවට අදාළව ලේඛණ ඇතුළු නඩු භාණ්ඩ 105 ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කර ඇත. සාක්ෂිකරුවන් 80 ක් නම් කර තිබෙයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement